කණ්ඩායම් 3ක් ක්‍රීඩා කරන අලුත් තරගයට දින නියම වෙයි

Date:

කණ්ඩායම් දෙකක් වෙනුවට කණ්ඩායම් 3ක් සහභාගී වන සහයෝගීතා කුසලාන ක්‍රිකට් තරගය සදහා දකුණු අප්‍රිකානු රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම තරගය එළඹෙන 18 වනදා සෙන්චූරියන්හී දී පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මීට පෙර මෙම තරගය පසුගිය 27 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, පුහුණුවීම් සහ තරග ක්‍රීඩා කිරීම සදහා එරට රජයේ අනුමැතිය හිමිව නොතිබූ බැවින් අදාළ තරගය කල් දැමීමට සිදු වුණා.

තරගයට එක්වන කණ්ඩායම් තුනේ නායකත්වය ඒ.බී.ඩි විලියස්, කාගිසෝ රබාඩා සහ ක්වෙන්ටන් ඩී කොක් විසින් දරනු ඇති.

මෙම තරගයේ දී එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කරන අතර, සමස්ත තරගය පන්දුවාර 36කට සීමා වනවා.

එක් කණ්ඩායමක් සදහා ලැබෙන පන්දුවාර සංඛ්‍යාව 12ක් වන නමුත් සමස්ත තරගය අර්ධ දෙකක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එබැවින් තරගයේ දී කණ්ඩායමකට පන්දුවාර 6 බැගින් අවස්ථා දෙකක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන බව සදහන්.

කණ්ඩායමේ 7 වන කඩුල්ල දැවී ගිය ද, අවසන් පිතිකරුවාට තනිව පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව හිමි වීම ද මෙම තරගයේ ඇති තවත් සුවිශේෂීතාවයක්.

මෙම තරග ආකෘතිය නම් කර ඇත්තේ 3T ක්‍රිකට් යනුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...