ලෝක කුසලානය එක්සත් අරාබියේ දී සහ ඕමානයේ දී පැවැත්වීම ගැන ගැටලුවක් නැහැ : BCCI

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වන්නේනම් ඒ පිළිබද තමන්ට ගැටලුවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) නිල නොවන වශයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයට (අයි.සී.සී) පවසා තිබෙනවා.

ඔක්තෝබර් – නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇතත්. එරට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීම සම්බන්ධයෙන් පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක්.

ඒ අනුව තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සම්බන්ධයෙනුයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

ලෝක කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය පළමු වැනිදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් මාසයක කාලයක් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දියාව නිල නොවන ලෙස අයි.සී.සීයට සදහන් කර ඇත්තේ අදාළ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවයි.

නමුත් සත්කාරක අයිතිය තමන් වෙතම තබා ගැනීමට අවශ්‍ය බවට ඉන්දියාව දැනුම් දී ඇති බවයි පී.ටී.අයි පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගියදා පැවැති අයි.සී.සී රැස්වීමෙන් අනතුරුව නිවේදනය කළේ තරගාවලිය කුමන රටක පැවැත්වීමට කටයුතු කළ ද එහි සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන බවයි.

එක්සත් අරාබියට අමතරව 20යි 20 ලෝක කුසලානයේ තරග ඕමානයේ දී ද පැවැත්වීමට මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව අබුඩාබි, ඩුබායි, සාජා සහ ඕමානයේ අගනුවර වන මස්කට් හී දී තරග පැවැත්වීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...