ක්‍රීඩකයින් 5 දෙනාම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකු වෙනුවෙන් අද(4) පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියලු දෙනා සමත් වී තිබෙනවා.

කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක කාලයකින් දිව යාමේ මෙම පරීක්ෂණය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දීයි පැවැත්වුණේ.

එළඹෙන එංගලන්ත තරග සංචාරය අරමුණු කර ගනිමින් මෙම පරීක්ෂණය පැවැත්වුණා.

ඒ සදහා ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ඉෂාන් ජයරත්න, නුවන් ප්‍රදීප් සහ ධනංජය ලක්ෂාන් යන ක්‍රීඩකයින් එක් වුණා.

නිමා වූ බංග්ලාදේශ තරග සංචාරය අතරතුර දී ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලක මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සදහා මුහුණ දුන් නමුත්, ඔවුන් එහිදී එය අසමත් වුණා.

ඒ හේතුවෙන් එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ඔවුන්ගේ සහභාගීත්වය ද අවිනිශ්චිත මට්ටමකයි පැවතුණේ.

කෙසේ වෙතත්, අද පැවැති පරීක්ෂණය සමත් වීම නිසා ඔවුන්ට එංගලන්ත සංචාරය සදහා සහභාගී වීමේ අවස්ථාව උදා වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...