ටෙස්ට් ශූරතාවලියේ අවසානය තරග 3ක් විය යුතු බවට ශාස්ට්‍රිගෙන් යෝජනාවක්

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා අවසන් තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීම සුදුසු බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රී පවසනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සහ එංගලන්තයට එරෙහිව තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අරමුණින් එංගලන්තය බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක අතර එක් අවසන් තරගයක් නොපවත්වා තරග 3කින් යුත් තරගාවලියක් පවත්වා ජයග්‍රාහකයා තෝරා ගැනීම සුදුසු බව ඉන්දීය පුහුණුකරුගේ අදහසයි.

ඊයේ දිනයේ ඉන්දියාවෙන් පිටව ගිය ඉන්දීය කණ්ඩායම මේ වන විට එංගලන්තය වෙත ළගා වී තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ලබන 18 වනදා ඉන්දියාව සහ නවසීලන්තය අතර සවුත්හැම්ටන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...