එංගලන්ත සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම එංගලන්තයට ළගා වෙයි

Date:

දීර්ඝ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද(3) එංගලන්තයට ළගා වී තිබෙනවා.

ඔවුන් ඊයේ පස්වරු කාලයේ දී ඉන්දියාවෙන් පිටත්ව ගියේ ටෙස්ට් තරග 6ක් ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ඊට නවසීලන්තයට එරෙහිව ලබන 18 වනදා ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සහ අගෝස්තු 4 වැනිදා එංගලන්තයට එරෙහිව ආරම්භ වන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය ඇතුළත්.

ඇපෙන්ඩිසයිටිස් රෝගය නිසා පසුගිය මාසයේ දී ශල්‍යකර්මයකට මුහුණ දුන් කේ.එල් රාහුල් ද මෙම සංචාරයට එක්ව ඇති අතර, ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවැතියහොත් පමණක් ඔහුට තරග කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

අවසන් වරට ඉන්දීය කණ්ඩායම එංගලන්ත ටෙස්ට් තරග සංචාරයක නිරත වූ අවස්ථාවේ දී ඉන්දියාව ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වූයේ තරග 4-1ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...