කොන්වේගේ මංගල ශතකය හේතුවෙන් පළමු දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අද(2) නිමා වුණේ ඩෙවෝන් කොන්වේ වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට හිමි කර දෙමින්.

ඩෙවෝන් කොන්වේ මෙම ශතකය වාර්තා කළේ සිය මංගල ටෙස්ට් තරගයේ දී වීමත්, එම ශතකය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී වාර්තා වීමත් විශේෂත්වයක්.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඔහු පළමු දිනය නිමා වන විට පන්දු 240කදී නොදැවී ලකුණු 136ක් රැස් කර ගෙන සිටියේ හතරේ පහර 16ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

මංගල ටෙස්ට් තරගයේ දී ම ශතකයක් වාර්තා කළ 12 වැනි නවසීලන්ත පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වූ අතර, ඒ අනුව ඔහු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිනය නිමා වුණේ නවසීලන්ත පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 246ක් ලෙස සටහන්ව තිබියදීයි.

හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් ඩෙවෝන් කොන්වේ සමග 4 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 132ක සබදතාවයක් ගොඩ නගා තිබෙනවා.

ටොම් ලේතම් ලකුණු 23කටත්, නායක කේන් විලියම්සන් ලකුණු 13කටත්, රෝස් ටේලර් ලකුණු 14කටත් දැවී ගියා.

එම කඩුලු 3 දවා ගත්තේ ජේම්ස් ඇන්ඩර්සන් (55/1) සහ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔලී රොබින්සන් (50/2) විසින්.

එංගලන්තය වෙනුවෙන් James Bracey ද මෙම තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...