මෙවර T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඕමානයට? ඉන්දියාවේ ඉල්ලීමටත් අවසර

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ කුමන රටක දැයි මෙම මස අවසානයේ දී තීරණය කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) පවසනවා.

කෙසේ වෙතත්, අගහරුවාදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී නිගමනය කර ඇත්තේ ඉන්දියාවට සත්කාරකත්වය හිමි අදාළ තරගාවලිය පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම ආරක්ෂිත බවටයි.

පවතින කොරෝනා වසංගතයෙන් සිදුව ඇති බලපෑම හේතුවෙන් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්විය හැකිදැයි අවසන් තිරණයක් ගැනීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනයට ජූනි 28 වනදා දක්වා කල් ලබා දීමට ද අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

තරගාවලිය කුමන රටක පවත්වනු ලැබුව ද එහි සත්කාරකත්ව අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නිවේදනයක සදහන්.

පසුගිය 29 වනදා පැවැති ඉන්දීය ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේ දී තීරණය කෙරුණේ තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා අයි.සී.සීයෙන් තවත් මාසයක පමණ කාලයක් ලබා ගැනීමටයි.

ඒ අනුව එම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි විසින් අයි.සී.සීය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි ජූනි  28 වනදා දක්වා ඊට කල් ලබා දීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.

මෙවර 20යි 20 ලෝක කුසලානය එක්සත් අරාබියේ දී පැවැත්වීමට තීරණය කළහොත් තවත් සම සත්කාරක රටක් මැදපෙරදිග කලාපයෙන් යොදා ගැනීමට ද අයි.සී.සීයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව බොහෝ විට එහි සම සත්කාරකත්වය ඕමානය විසින් දරනු ඇති බවටයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...