වට්මෝර්ට කළ විහිළුවක් දුරදිග ගොස් රසල්ගේ දතක් කැඩුණු හැටි ජයසූරිය හෙළි කරයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් තරු තුනකගේ සහභාගීත්වයෙන් පැවති අතථ්‍ය සුහද පිළිසඳරක් නැරඹීමේ අවස්ථාව සමාජමාධ්‍ය පරිශීලකයන්ට උදා වුණා.

ඊට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨයන් තිදෙනෙකු වන තිලකරත්න ඩිල්ෂාන්, සනත් ජයසූරිය සහ රසල් ආනෝල්ඩ් ‍යන හිටපු ක්‍රීඩකයනුයි සහභාගී වුණේ.

ඔවුන් තිදෙනා ක්‍රීඩාවේ නිරතව සිටි අවධියේ සිදුවූ බොහෝ රසබර සිදුවීම් මෙම වැඩසටහනේ දී කතා බහට ලක් වූ අතර, ඉදිරි අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ද කතා කරන්නට ඔවුන් අමතක කළේ නැහැ.

අතීත මතකාවර්ජන කතාබහට ලක්වන අතරතුර රසල් ආනෝල්ඩ්ට මුහුණ පෑමට සිදුවු අකරතැබ්බයක් පිළිබඳ මතකයක් අවධි කරන්නට සනත් ජයසූරීය කටයුතු කළා.

රසල් ආනෝල්ඩ් යනු වඩාත් විනෝදකාමී සුහදශීලී චරිතයක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

හිටපු පුහුණුකරු ඩේව් වට්මෝර් හට උසුලු විසුළු කරමින් නිතරම ඔහුව තරහ ගැන්වීමේ පුරුද්දක් රසල්ට තිබූ බවයි මෙම වැඩසටහනේ දී සනත් ජයසූරිය සදහන් කළේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයක් නිමාවීමෙන් පසුව ක්‍රීඩකයන් එකතු වී පවත්වන කණ්ඩායම් රැස්වීමක් අතරවාරයේ, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වු ඩේව් වට්මෝර් විසින් දුම්වැටියක් භාවිතා කර තිබෙනවා.

මේ අවස්ථාවේදී රසල් ආනෝල්ඩ් විසින් විහිලුවට මෙන්, “මෙතන දුම්වැටි පාවිච්චි කරන්න ඔබට බැහැ” යනුවෙන් පවසා තිබෙනවා.

එයට යම් ආවේගශීලී ප්‍රතිචාරයක් දක්වා තිබු වට්මෝර් දුම්වැටි අලු රඳවන බඳුන රසල්ගේ මුහුණ දෙසට විසිකළ බව සනත් ජයසූරිය සදහන් කළා.

එය මුහුණේ ගැටී රසල් ආනොල්ඩ්ගේ දතකට ද හානි සිදු වූ අයුරු ජයසූරිය විසින් මෙහිදී අනාවරණය කළේ ඉතාමත් සිනාමුසු මුහුණින්.

බිඳුණු දත තවමත් එළෙසම පවතින බවයි සනත් වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...