අසභ්‍ය වචන භාවිතා කිරීමේ වරදට ටමිම් ඉක්බාල්ට අයි.සී.සීයෙන් දඩ

Date:

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ටමිම් ඉක්බාල්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ(28) නිමා වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහු එහිදී විනය නීති සංග්‍රහයේ 2.3 වගන්තිය, එනම් “ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිතා කිරීම” යන වගන්තිය උල්ලංඝනය කර ඇති බව අයි.සී.සීය සදහන් කළා.

ඒ අනුව ටමිම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් පනවා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඊට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද (demerit point) ඇතුළත් කිරීමට අයි.සී.සී තරග තීරකවරයා පියවර ගෙන තිබෙනවා.

ඊයේ පැවැති තරගයේ බංග්ලාදේශ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඔහු දැවීයාමෙන් පසුව ටමිම් ඉක්බාල් අදාළ විනිසුරු තීරණයට එරෙහිව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) ලබා ගැනීමට තීරණය කළා.

කෙසේ වෙතත්, එහිදී ද සනාථ වුණේ ටමිම් ඉක්බාල් දැවී ගිය පිතිකරුවෙකු බවටයි.

එම අවස්ථාවේදී අදාළ තීරණයෙන් කෝපයට පත් ටමිම් අසභ්‍ය වචන භාවිතා කළ බවට චෝදනා එල්ල වුණා.

එම චෝදනා ටමිම් ඉක්බාල් විසින් පිළිගෙන ඇති අතර, ලබා දී ඇති දඩුවම ද ඔහු විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බව අයි.සී.සීය නිකුත් කළ නිවේදනයක සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...