2011 අවසන් තරගයේ වෙනස්කම්වලට අනුමැතිය ඉල්ලා ක්‍රීඩා ඇමතිට යැවූ ලිපිය මෙන්න

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමිව ඇති බව “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ, ඊට අදාළ ලිපියක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින්.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවටත්, අවසන් මොහොතේ අනුමැතියකින් තොරව කණ්ඩායමට වෙනස්කම් කිහිපයක් සිදු කළ බවටත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා චෝදනා කළා.

කෙසේ වෙතත්, අවසන් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් තරගයට දින තුනකට පෙර (මාර්තු 30) ක්‍රීඩා අමාත්‍යංශය වෙත යැවූ ලිපිය “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත විසින් පල කර තිබෙනවා.

ලිපිය යැවූ දිනයේ දී ම ඒ සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ද හිමිව ඇති බවයි “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර ඇත්තේ.

මෙම වෙනස්කම් සදහා අයි.සී.සී තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

මෙරට ක්‍රීඩා නීතියට අනුව ජාතික කණ්ඩායමක සංචිත නම් කිරීමේ දී ඒ සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය වනවා.

අවසන් තරගය වෙනුවෙන් සිදු වූ වෙනස්කම්වලදී එසේ අනුමැතිය ලබා නොගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා චෝදනා කරන්නේනම් එම අවස්ථවේ ඒ පිළිබද පරීක්ෂනයක් නොපැවැත්වූයේ ඇයිදැයි “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත ප්‍රශ්න කර සිටිනවා.

අනුමැතිය ඉල්ලා යවන ලද ලිපිය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...