දග පන්දු යවන්නන්ට එරෙහිව අපේ සැලසුමක් තිබ්බේ නෑ : මාලිංග

Date:

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී  බංග්ලාදේශ දග පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සතුව පන්දුවට පහර දීමට නිසි සැලසුමක් නොතිබූ බවක් දක්නට ලැබුණු බව ශ්‍රී ලංකා හිටපු පන්දුවාර 20යි 20 නායක ලසිත් මාලිංග පවසනවා.

සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පෙන්වා දුන්නේ බංග්ලාදේශ දග පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි කඩුලු සංඛ්‍යාවක් ලබා දීම ද තරගයේ පරාජයට බලපෑ බවයි.

“අපි ඒගොල්ලන්ගෙ ස්පින් එක ගහන්න ප්ලෑන් කරේ නැහැ කියල මට හිතෙනවා, අපිට ඕනෙ විදිහට තරගයේ පිතිකරණයේ නිරත වෙනවා කියලා ගතියක් තමයි මම දැක්කේ” යනුවෙන් ඔහු සදහන් කළා.

මේ අතර, වනිදු හසරංගට එරෙහිව බංග්ලාදේශ පිතිකරුවන් සැලසුමක් සහිතව තරගයට අවතීර්ණ වූ බැවින් එවැනි අවස්ථාවන්වලදී වනිදු විසින් වෙනත් සැලසුම් යොදා ගනිමින් පන්දු යැවීමට කටයුතු කළ යුතු බව ද මෙහිදී ලසිත් මාලිංග පෙන්වා දුන්නා.

ඒ අනුව ඉදිරි තරගවලදී වනිදු වෙනත් සැලසුම් ඔස්සේ පන්දු සංකලනයක් භාවිතා කරමින් ක්‍රීඩා කිරීම වැදගත් බවයි මාලිංග සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...