මෙවර ආසියානු කුසලානය 2023ට කල් දැම්මා : ACC

Date:

මෙම වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සලය (ACC) අද(23) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා.

මෙම වසරේ දී තරගාවලිය පැවැත්වීම සදහා සුදුසු කාලයක් සකස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

පවතින ජාත්‍යන්තර තරගාවලි හේතුවෙන් ආසියානු කුසලානයට සියලු කණ්ඩායම්වලට ක්‍රීඩා කළ හැකි පොදු කාල පරාසයක් මෙම වසරේ නොමැති බවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටුව නිගමනය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරට නියමිත තරගාවලිය 2023 වසර දක්වා කල් දැමීමටයි විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

ඒ, ලබන වසරේ දී ද ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඉදිරි තරගාවලියන් පැවැත්වෙන දින පසුව නිවේදනය කෙරෙනු ඇති.

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය ද කොරෝනා වසංගතය හේතුවෙන් නොපැවැත් වූ අතර, එම තරගාවලියයි පසුව මෙම වසර දක්වා කල් දැමීමට තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...