දෙවැනි PCR ප්‍රතිපල එයි, ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියට බලපෑමක් නැහැ

Date:

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දිනයේ දී නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ප්‍රකාශ කෙරුණු ඉසුරු උදාන සහ චමින්ද වාස් දෙවන PCR පරීක්ෂණයෙන් සමත්වීමත් සමගයි.

කෙසේ වෙතත්, වාර්තාවන ආකාරයට ශිරාන් ප්‍රනාන්දුට සිදු කළ දෙවැනි PCR පරීක්ෂණයෙන් ද අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඔහුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ පසුබිමකයි මෙලෙස යළිත් වෛරසය ශරීරගත වී ඇති බවට පරීක්ෂණවලින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව එය සාමාන්‍ය සිදුවීමක් බවට කණ්ඩායමේ වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...