ශ්‍රී ලංකා තරගාවලිය අභියසදී බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානියෙකුට කොරෝනා

Date:

බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ මෙහෙයවන්නා (team leader) වන කලෙඩ් මහ්මුද් සුජොන්ට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ රාත්‍රී කාලයේ දී මේ බව තහවුරු වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට හෙට(23) ආරම්භ වන ශ්‍රී ලංකා තරගාවලිය සදහා ද එක්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත්, මෙය ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා කිසිදු බලපෑමක් සිදු නොකරනු ඇති.

ඒ, කලෙඩ් මහ්මුද් සුජොන්ට වෛරසය ආසාදනය වුවද ඔහු එක්දින තරගාවලියට සම්බන්ධ කිසිදු සාමාජිකයෙකු සමග සබදතාවයක් නොදක්වා තිබීම හේතුවෙන්.

පසුගිය 18 වනදා බංග්ලාදේශ ක්‍රීඩකයින් ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළු වූ අතර, කලෙඩ් මහ්මුද් සුජොන් අසනීප තත්ත්වයකින් පසුවීම නිසා ඊට ඇතුළු වූයේ නැහැ.

අනතුරුව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදීයි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වුණේ.

නිමා වූ ශ්‍රී ලංකා සංචාරයේ දී ද කලෙඩ් මහ්මුද් සුජොන් බංග්ලාදේශ කණ්ඩායමේ මෙහෙයවන්නා (team leader) ලෙස කටයුතු කළ අතර, මීට පෙර අවස්ථා රැසකදී කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළා.

49 හැවිරිදි ඔහු මේ වන විට නිවස තුළම හුදෙකලා කිරීමට ලක්කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට මීර්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...