රටවල් 2ක් ටෙස්ට් පිටියේ නියෝජනය කළ රැන්කින් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බොයිඩ් රැන්කින් (Boyd Rankin) ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට 36 වන වියේ පසුවන ඔහු මීට පෙර එංගලන්ත කණ්ඩායම ද නියෝජනය කර තිබුණා.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ රටවල් දෙකක් නියෝජනය කළ 15 වැනි පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා.

Boyd Rankin එංගලන්තය සහ අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින තරග 75කට සහ 20යි 20 තරග 50කට ක්‍රීඩා කළා.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල (පාකිස්තානයේ අසාර් අලී) දවා ගත් පන්දු යවන්නා වන්නේ ද ඔහු වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...