නායකයාට එරෙහි තරගයෙන් මෙන්ඩිස්ගේ පිලට තියුණු ජයක්

Date:

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් අතර අද(21) පුහුණු තරගයක් පැවැත්වුණා.

ඩකාහි ක්‍රීඩා අධ්‍යාපන ආයතන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය සදහා තරග වැදුණු කණ්ඩායම් දෙක කුසල් XI ‘ඒ’ සහ කුසල් XI ‘බී’ ලෙස නම් කර තිබූ අතර, එම තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කුසල් XI ‘බී’ කණ්ඩායමයි.

කුසල් XI ‘ඒ’ කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් ජනිත් විසින්.

පන්දුවාර 40 කට සීමා කර මෙම තරගය පැවැත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කුසල් XI ‘බී’ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 284ක් රැස් කළේ නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකවලින් සවිමත් වෙමින්.

නවක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු දෙකකට දැවී ගිය අතර, චාමික කරුණාරත්න ලකුණු 35ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා ගිය කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කුසල් XI ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 37.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 282 ක් පමණයි.

අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 80 ක් රැස් කළ අතර, වනිඳු හසරංග ලකුණු 79ක් ලබා ගත් නමුත්, තරගය ජය ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තා. (කණ්ඩායම් දෙක සහ ලකුණු සටහන පහතින්)

තරගයට එක් වූ කණ්ඩායම් දෙක – 

  • කුසල් XI ‘ඒ’ – කුසල් පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, වනිඳු හසරංග, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, ඉසුරු උදාන, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු.
  • කුසල් XI ‘බී’ – කුසල් මෙන්ඩිස් (නායක), නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර.

ලකුණු සටහන – 

කුසල් XI ‘බී’ – 284/5 : නිරෝෂන් දික්වැල්ල 88*, පැතුම් නිස්සංක 02, කුසල් මෙන්ඩිස් 73, ධනංජය ද සිල්වා 25, චාමික කරුණාරත්න 35, රමේෂ් මෙන්ඩිස් 02, බිනුර ප්‍රනාන්දු 21*, ලක්ෂාන් සඳකැන් 27*

ධනුෂ්ක ගුණතිලක 26/1, අසිත ප්‍රනාන්දු 27/1, ඉසුරු උදාන 40/1, වනිඳු හසරංග 43/1

කුසල් XI ‘ඒ’ – 282/10 (37.2) : අෂේන් බණ්ඩාර 80*, වනිඳු හසරංග 79, කුසල් ජනිත් 28, ධනුෂ්ක ගුණතිලක 17, දසුන් ශානක 01, අකිල ධනංජය 05, ශිරාන් ප්‍රනාන්දු 02, අසිත ප්‍රනාන්දු 0,

චාමික කරුණාරත්න 40/3, දුෂ්මන්ත චමීර 45/1, රමේෂ් මෙන්ඩිස් 57/1, බිනුර ප්‍රනාන්දු 43/1, ලක්ෂාන් සඳකැන් 59/1

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...