තරග කාලසටහනක් නොමැතිව පාකිස්තාන ක්‍රීඩකයින් එංගලන්තයට

Date:

කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන ක්‍රීඩකයින් 10 දෙනෙකු හදුනා ගැණුන ද පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය නියමිත පරිදි සිදු කෙරෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව එළඹෙන 28 වනදා පාකිස්තාන ක්‍රීඩකයින් එංගලන්තය වෙත ළගා වීමට නියමිතයි.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන මෙම තරග සංචාරයට අදාළ තරග කාලසටහන ඉදිරියේ දී නිල වශ‍යෙන් ප්‍රකාශයට පත් කරන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් මෙම සංචාරයට මේ මොහොතේ එක් නොවන අතර, වෛරසය ආසාදනය නොවූ බව තහවුරු වූවන් මේ වන විට තවත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

එහිදී ද වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වන ක්‍රීඩකයින් පමණක් එංගලන්ත තරග සංචාරයට එක් වනු ඇති.

ක්‍රීඩකයින් එංගලන්තයට පැමිණීමෙන් පසුව දින 14ක නීරෝධායන ක්‍රියාවලියකට ද ලක් කෙරෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...