ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් නිවේදනය කෙරේ

Date:

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සදහා ලබා දෙන නව කොන්ත්‍රාත් ගිවිසුම් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

එහිදී 17 හැවිරිදි ශෆාලි වෙර්මා (Shafali Verma) B කාණ්ඩයේ කොන්ත්‍රාත් ගිවිසුමක් දක්වා උසස් වීමක් ලබා තිබීම විශේෂත්වයක්.

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වටිනාමක් සහිත A කාණ්ඩයේ කිසිදු වෙනසක් මෙවර සිදුව නැහැ.

ඒ අනුව හර්මන්ප්‍රීට් කොවුර්, ස්ම්රිටි මන්ධනා සහ පූනාම් යාදෙව් එම කාණ්ඩයට මෙවරත් ඇතුළත්

පසුගිය වසරේ දී ක්‍රීඩිකාවන් 22 දෙනෙකු සදහා කොන්ත්‍රාත් පිරිනැමුණු අතර, මෙම වසරේ දී එය 19 දක්වා අවම කර තිබෙනවා.

නව කොන්ත්‍රාත් ගිවිසුම් 2021 සැප්තැම්බර් මාසය දක්වා වලංගු බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

නව කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව ඇති ආකාරය –

  • Grade A (INR 50 Lakh): Harmanpreet Kaur, Smriti Mandhana, Poonam Yadav
  • Grade B (INR 30 Lakh): Mithali Raj, Jhulan Goswami, Deepti Sharma, Punam Raut, Rajeshwari Gayakwad, Shafali Verma, Radha Yadav, Shikha Pandey, Taniya Bhatia, Jemimah Rodrigues
  • Grade C (INR 10 Lakh): Mansi Joshi, Arundhati Reddy, Pooja Vastrakar, Harleen Deol, Priya Punia, Richa Ghosh

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...