ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා : ශම්මි සිල්වා

Date:

තමාව නිතරගයෙන් යළිත් සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාමාජිකත්වයට ස්තූතිය පුද කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස අද අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකයි ඒ බව සදහන් වුණේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මාව නිතරගයෙන් තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් මම සාමාජිකත්වයට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඔහු සදහන් කළා.

“මෙම ජයග්‍රහණය ඔස්සේ ක්‍රීඩාවේ දියුණුව සඳහා මගේ පෙර පරිපාලනය විසින් කරන ලද විශිෂ්ට සේවාව අපගේ පාර්ශවකරුවන් තේරුම් ගෙන ඇති බව ද සනාථ කරනවා” යනුවෙන් ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඔහුගේ පාර්ශවයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙනුයි ශම්මි සිල්වා මහතා අද දිනයේ දී සභාපති ධූරයට නිතරගයෙන් පත් වුණේ.

ALSO READ : ක්‍රිකට් නිලවරණයේ දී නව නිළධාරී මණ්ඩලයම නිතරගයෙන් පත් වෙයි

නව නිළධාරී මණ්ඩලය –

සභාපති – ශම්මි සිල්වා මහතා,

උප සභාපතිවරුන් – රවීන් වික්‍රමරත්න මහතා හා ජයන්ත ධර්මදාස මහතා

ලේකම් – මොහාන් ද සිල්වා මහතා,

භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ මහතා,

උප ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත මහතා,

උප භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද මහතා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...