ඩැරන් සැමී නායකත්වයෙන් ඉවත් වෙයි

Date:

කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින ශාන්ත ලුසියා සෝක්ස් (St Lucia Zouks) කණ්ඩායමේ නායකත්වයෙන් ඩැරන් සැමී ඉවත්ව තිබෙනවා.

එමෙන්ම ඔහු තවදුරටත් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු නොකරන බවයි එම කණ්ඩායමේ කළමනාකාරීත්වය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඩැරන් සැමී ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ ක්‍රිකට් උපදේශක සහ සන්නාම තානාපති ලෙස පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

37 හැවිරිදි ඔහු 2013 වසරේ සිට එම කණ්ඩායම සමග රැදී සිටින අතර, පසුගිය තරග වාරයේ දී ඩැරන් සැමී සිය කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවීමට ද සමත් වුණා.

මේ අතර, එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් ද ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම මේ වන විට නිවේදනය කර තිබෙනවා.

එම ක්‍රීඩකයින් වන්නේ Andre Fletcher, Kesrick Williams, Rahkeem Cornwall, Roston Chase, Obed McCoy, Mark Deyal සහ Javelle Glen.

තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු ඔවුන්ගේ සංචිතය සදහා තෝරා ගත යුතු අතර, එම ක්‍රීඩකයින්ගේ නම් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලියේ 2021 අදියර අගෝස්තු 28 වනදා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...