T20 15ක් වෙනුවෙන් කොදෙව්වන් ප්‍රබල සංචිතයක් නම් කරයි

Date:

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 5 බැගින් වන 20යි 20 තරගාවලි 3 සදහා වන මූලික බටහිර ඉන්දීය කොදෙව් සංචිතයක් නම් කර තිබෙනවා.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන්, නිකලස් පූරාන්ගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

දකුණු අප්‍රිකාවට, ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව අදාළ 20යි 20 තරගාවලි පැවැත්වීමට නියමිතයි.

සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍රි රසල් යළි සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව ශෙල්ඩන් කොට්‍රෙල්, ශිම්රන් හෙට්මයර්, ඔෂේන් තෝමස් සහ හෙයිඩ්න් වොල්ෂ් යන ක්‍රීඩකයින් ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල් සහ ඩ්වේයන් බ්‍රාවෝ ද සංචිතයේ ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා.

කොදෙව් මූලික සංචිතයේ ක්‍රීඩකයින් ශාන්ත ලුසියාහී දී නිරෝධායනයට ලක්ව පුහුණුවීම්වල නිරත වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එළඹෙන තරග වාරයේ පළමු 20යි 20 තරගාවලිය දකුණු අප්‍රිකාවට එරෙහිව ජූනි 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

සෑම තරගාවලියකටම පෙර අදාළ තරගාවලියට ක්‍රීඩා කරන අවසන් සංචිතය ප්‍රකාශයට පත් කරනු ඇති.

Provisional squad:

Kieron Pollard (C), Nicholas Pooran (VC), Fabian Allen, Dwayne Bravo, Sheldon Cottrell, Fidel Edwards, Andre Fletcher, Chris Gayle, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Evin Lewis, Obed McCoy, Andre Russell, Lendl Simmons, Kevin Sinclair, Oshane Thomas, Hayden Walsh Jr

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...