ඉන්දීය කාන්තා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාරධූරය ශිව් සුන්දර්ට

Date:

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ශිව් සුන්දර් දාස් පත් කර තිබෙනවා.

ඒ අනුව 43 හැවිරිදි ඔහු එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ද එක්වීමට නියමිත බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

එම සංචාරයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ටෙස්ට් තරගයකට, එක්දින තරග 3කට සහ 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියට අනියුක්තව කටයුතු කළ ශිව් සුන්දර් දාස් මීට පෙර ඉන්දීය කාන්තා A කණ්ඩායමේ හා නැගී එන කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර, 2019 – 2020 කාලයේ දී ශ්‍රී ලංකා, බංග්ලාදේශ හා ඔස්ට්‍රේලියා තරග සංචාරවල ද නිරත වුණා.

කාන්තා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස රමේෂ් පවර් පත් කිරීමට ද පසුගියදා එරට ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

මේ අතර, කාන්තා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස අභයි ෂර්මා (Abhay Sharma) තවදුරටත් කටයුතු කරනු ඇති.

Rajkuvardevi Gaikwad කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරනවා.

හිටපු පන්දු යැවීමේ පුහුණුකරු නරේන්ද්‍ර හිර්වානි එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම සමග ගමන් නොකරන බව සදහන්.

ඒ, ප්‍රධාන පුහුණුකරු රමේෂ් පවර්ට පන්දු යැවීමේ අංශය සම්බන්ධයෙන් ද වගකීම භාර ගැනීමේ හැකියාව පවතින බැවින්.

[bs-quote quote=”Schedule :
June 16 – 19 : Test Match (Bristol)
June 27 : 1st ODI (Bristol)
June 30 : 2nd ODI (Taunton)
July 3: 3rd ODI (Worcester)
July 9 : 1st T20I (Northampton)
July 11 : 2nd T20I (Hove)
July 15 : 3rd T20I (Chelmsford)” style=”style-5″ align=”left” color=”#1e73be” author_name=”” author_job=”” author_avatar=”” author_link=””][/bs-quote]

අදාළ සංචාරය සදහා පැමිණෙන සමස්ත ඉන්දීය පිරිස 30කට අඩු මට්ටමක පවත්වා ගන්නා ලෙසට එංගලන්ත ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් ද කර තිබුණා.

එංගලන්ත තරග සංචාරයට එක් වන සියලු දෙනාට එළඹෙන 20 වනදා වන විට මුම්බායි නුවරට ළගා වන ලෙසට දැනුම් දී ඇති අතර, සති දෙකක නිරෝධායන කාලයකින් පසුව ලබන දෙවනදා ඔවුන් සියලු දෙනා ඉන්දීය පිරිමි කණ්ඩායම ද සමගින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...