ටකා කෝටි 161.5කට බංග්ලාදේශ ක්‍රිකට් විකාශන අයිතිය බන් ටෙක් ආයතනයට

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය විකාශන අයිතිය හිමි කර ගැනීමට බන් ටෙක් (Ban Tech) නම් අලෙවිකරණ ආයතනය සමත්ව තිබෙනවා.

බංග්ලාදේශ ටකා කෝටි 161.5ක (අමෙරිකානු ඩොලර් මිලියන 19.07) ලංසුවකට ඔවුන් මෙම විකාශන අයිතිය ලබා ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අද (18) සිට 2023 වසරේ ඔක්තෝබර් 5 වැනිදා දක්වා බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ දේශීය තරගාවලි විකාශන අයිතිය එම ආයතනය සතු වනු ඇති.

එම කාලය තුළ දී බංග්ලාදේශ කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලි 9ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට ටෙස්ට් තරග 7ක්, එක්දින තරග 18ක් සහ 20යි 20 තරග 19ක් ඇතුළත්.

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය මාධ්‍ය හිමිකම (ලොවපුරා) වසර 6කට Gazi TV වෙත ලබා දී තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 20.02 ක මුදලකටයි.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසය දක්වා වලංගු වුණා.

Ban Tech ආයතනය ඉදිරි වසර දෙකක කාලය සදහා විකාශන අයිතිය ලබා ගැනීමත් සමග ඔවුන් මේ වන විට T Sports සහ Gazi TV සමග තරග විකාශනය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වනදා ආරම්භ වන එක්දින තරගාවලියේ විකාශන කටයුතුද එම නාලිකා දෙකෙන් එක් නාලිකාවක් ඔස්සේ සිදු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...