“පාවාදුන් බවට සාක්ෂි නැහැ – අයි.සී.සීයත් තහවුරු කළා” – ක්‍රීඩා ඇමති

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් පාවාදුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් කරුණු විමසා සිටි බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබද කිසිදු තොරතුරක් නොමැති බවටත්, කිසිදු පරීක්ෂණයක් ඒ සම්බන්ධයෙන් සිදු නොවන බවටත් එම සියලු පාර්ශව තහවුරු කළේ යැයි ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

නමුත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අනුව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...