පන්දුව පළුදු කිරීම පන්දු යවන්නන් ද දැන සිටි බවට බැන්ක්‍රොෆ්ට්ගෙන් ඉගියක්

Date:

2018 වසරේ දී දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගයකදී සිදු වූ පන්දුව පළුදු කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ද දැන සිටි බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් ඉගි පළ කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, The Guardian පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

28 හැවිරිදි ඔහු මේ වන විට එංගලන්තයේ රැදී සිටින්නේ එරට ප්‍රාන්ත තරගාවලියේ දී ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන්.

පන්දුව පළුදු කිරීමේ වරදට හසු වීම හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තරග තරහනමක් පැනවුණු අතර, ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට ද වසරක තරග තහනමක් පැනවුණා.

කෙසේ වෙතත්, ඔවුන් තිදෙනා හැරුණු විට වෙනත් කිසිවෙකුත් ඒ සදහා සම්බන්ධ වී නොමැති බවටයි මීට පෙර අණාවරණය වී තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...