එංගලන්ත පුහුණුකරු ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලි සදහා එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට එම තරගාවලි ද්විත්වයේ දී විවේකයක් ලබා දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සහාය පුහුණුකරුවන් වන පෝල් කොලින්වුඩ් සහ Graham Thorpe අදාළ තරගාවලියහී දී කණ්ඩායමේ වගකීම භාර ගනු ඇති.

එළඹෙන ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.

ජූනි 15 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළගා වීමට නියමිත අතර, අනතුරුව පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...