ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව වෙන හැටි මෙන්න – ඉහළම වටිනාකම ධනංජය හා දික්වැල්ලට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසකට එරෙහිව සැලකිය යුතු මට්ටමේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට නව කොන්ත්‍රාත් ගිවිසුම්වලදී තීරණය කර ඇති බව “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කරනවා.

එහිදී ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, හිටපු නායකයින් වන දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුළු ක්‍රීඩකයින් පිරිසකට වැඩි වැටුප් කප්පාදුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ක්‍රීඩකයින් රැසක් නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ද ප්‍රතික්ෂේප කර ඇති බව එම පුවත්පත පෙන්වා දෙනවා.

නව ක්‍රීඩක කොන්ත්‍රාත්වලට අනුව වැඩිම වටිනාකමක් හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලට සහ ධනංජය ද සිල්වාටයි.

ඔවුන් දෙදෙනා A1 කාණ්ඩයට, එනම් අමෙරිකානු ඩොලර් 100,000 ක වටිනාමක් සහිත කාණ්ඩයට ඇතුළත්.

කුසල් පෙරේරා සහ ඇන්ජෙලෝ මැතිව්ස් ඩොලර් 80,000 කාණ්ඩයටත් (A2), කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න ඩොලර් 70,000 කාණ්ඩයටත් (A3) ඇතුළත් කර තිබෙනවා.

මැතිව්ස්ට මීට පෙර පැවැති කොන්‍ත්‍රාත් ගිවිසුමෙන් ඩොලර් 130,000ක මුදලක් හිමි වූ අතර, ඒ අනුව ඔහුට නව කොන්ත්‍රාත් ගිවිසුමේ දී අහිමි වන මුදල ඩොලර් 50,000ක්.

දිමුත්ට ඩොලර් 30,000ක පමණ වැටුප් කප්පාදුවක් සිදු කර ඇති බවත්, සුරංග ලක්මාල්ට ඩොලර් 45,000ක පමණ වැටුප් කප්පාදුවක් සිදු කර ඇති බවත් සදහන්.

ලක්මාල් B1 කාණ්ඩයට යටත් කර ඇති අතර, එහි වටිනාකම සදහන් වන්නේ ඩොලර් 65,000ක් ලෙසයි.

නවක ක්‍රීඩක පැතුම් නිස්සංකට B3 කාණ්ඩය යටතේ වන කොන්ත්‍රාත්තුවක් ලබා දීමට නියමිතව ඇති අතර, එහි වටිනාකම ඩොලර් 55,000ක්.

ළහිරු තිරිමාන්න ද එම කාණ්ඩයටම ඇතුළත් කර තිබෙනවා.

2020 වසර ආරම්භයේ සිට ජාත්‍යන්තර තරග දෙකක් පමණක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති කසුන් රාජිතට ඩොලර් 50,000ක කොන්ත්‍රාත්තුවක් පිරිනමද්දී, දිනේෂ් චන්දිමාල් ඩොලර් 45,000 කාණ්ඩයට යටත් කර තිබීම කැපී පෙනන සිදුවීමක්.

මෑතකදී පිත්තෙන් සුවිශේෂී දක්ෂතාවයක් පෙන්නුම් කළ ධනුෂ්ක ගුණතිලකට නව කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ හිමිවීමට නියමිතව ඇත්තේ ඩොලර් 30,000 ක් වටිනා කොන්ත්‍රාත්තුවක්.

A1 කාණ්ඩය – ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල (ඩොලර් 100,000)

A2 කාණ්ඩය – කුසල් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස් (ඩොලර් 80,000)

A3 කාණ්ඩය – කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න (ඩොලර් 70,000)

B1 කාණ්ඩය – සුරංග ලක්මාල්, දසුන් ශානක (ඩොලර් 65,000)

B2 කාණ්ඩය – වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය (ඩොලර් 60,000)

B3 කාණ්ඩය – පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න (ඩොලර් 55,000)

C1 කාණ්ඩය – දුෂ්මන්ත චමීර, කසුන් රාජිත (ඩොලර් 50,000)

C2 කාණ්ඩය – දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සදකැන් (ඩොලර් 45,000)

C3 කාණ්ඩය – විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන (ඩොලර් 40,000)

D1 කාණ්ඩය – ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් (ඩොලර් 35,000)

D2 කාණ්ඩය – ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක (ඩොලර් 30,000)

D3 කාණ්ඩය – අශේන් බණ්ඩාර, අකිල ධනංජය (ඩොලර් 25,000)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...