ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ දී ශකිබ් යළි 3ට

Date:

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශකිබ් අල් හසාන් යළි අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.

තේරීම් කමිටු ප්‍රධානී Minhajul Abedin සදහන් කළේ අංක 3 ස්ථානය ශකිබ් අල් හසාන්ට වඩාත් සුදුසු බවයි.

මීට පෙර නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ දී ශකිබ් පන්දුවට පහරදුන්නේ අංක 4 ස්ථානයේ යි.

ඔහු වසරක ක්‍රිකට් තහනමකින් පසුව ජාත්‍යන්තර පිටියට පිවිසීම හේතුවෙන් සහ පිතිකරණ ලැයිස්තුවේ ස්ථාවරත්වයක් ගොඩ නැගීමේ අරමුණින් එවැනි තීරණයක් ගෙන තිබුණා.

අනතුරුව පැවැති නවසීලන්ත එක්දින තරගාවලිය සදහා ශකිබ් අල් හසාන් ක්‍රීඩා කළේ නැහැ.

අදාළ තරගාවලි ද්විත්වයේ දී අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන්නේ පිළිවෙලින් නජ්මුල් හුසේන් සහ සෞම්‍ය සාකාර්.

කෙසේ වෙතත්, ලබන 23 වනදා සිට ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ සිට ශකිබ් අල් හසාන් යළි අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙනු ඇති.

“ඔහුටත් අවශ්‍ය අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන්න. ඒ නිසා අපි හිතුවා ඔහුට ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියලා.” යනුවෙන් බංග්ලාදේ්ශ තේරීම් කමිටු ප්‍රධානීවරයා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...