ක්‍රිකට් නිළවරණයත් zoom තාක්ෂණයෙන්

Date:

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සැලසුම් කළ පරිදි මැයි 20 වනදා පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය අතථ්‍ය නිළවරණයක් ලෙස (වීඩියෝ තාක්ෂණය ඔස්සේ (zoom) ) (virtual platform) පැවැත්වීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නිළවරණයට සම්බන්ධ 90% ක් පමණ පාර්ශවකරුවන් ඒ සදහා කැමැත්ත පළ කර ඇති බව සදහන්.

පවතින කොවිඩ් 19 අර්බුදය නිසා මේ වන විට පළාත් අතර සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගැටලුවකින් තොරව නිළවරණය පැවැත්වීම සදහා මෙලෙස අතථ්‍ය නිළවරණයක් ලෙස එය පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, විගණනය කළ ගිණුම් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මීට පෙර ඩේලි නිව්ස් වෙත සදහන් කර තිබුණේ.

“මේ දක්වා එය මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතය තියෙනවා. නමුත් අපිට විගණනය කළ ගිණුම් ලබා ගත යුතුයි. මේ වන විට අපිට තියෙන එකම ගැටලුව එයයි” යනුවෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

“නීතිපති දෙපාර්තමේන්තුව විසිනුයි එය ඉදිරිපත් කළ යුතු වන්නේ. කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වහලා තියෙන්නේ. විගණනය කළ ගිණුම් නියමිත වේලාවට නොලැබුණොත් අපිට නිළවරණය පවත්වන්න බැහැ. අපී නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙමින් ඉන්නේ. අපි උත්සාහ කරනවා යමක් කරන්න මේ සම්බන්ධයෙන්”

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සදහා ලියාපදිංචි ඡන්ද 144ක් පවතිනවා.

ඒ ඔස්සේ සභාපතිවරයෙකු, උප සභාපතිවරුන් දෙදෙනෙකු, ලේකම්වරයෙකු, උප ලේකම්වරුයෙකු, භාණ්ඩාගාරිකවරයෙකු සහ උප භාණ්ඩාගාරිකවරයෙකු පත් කර ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...