පාකිස්තානයේ ජාත්‍යන්තර තරග නිසා IPL අර්බුදයක

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා එංගලන්ත සහ නවසීලන්ත ක්‍රීඩකයින්ට එක් වීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, එම රටවල ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග සදහා ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට ඇති බැවින්.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලිය අත්හිටුවීමට පසුගිය 4 වනදා තීරණය කෙරුණු අතර, එහි ඉතිරි තරග 31 ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමටයි මේ වන විට බළධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, එම කාලයේ දී එංගලන්ත කණ්ඩායම බංග්ලාදේශ සහ පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එංගලන්ත ගිම්හාන තරග වාරය සැප්තැම්බර් 14 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, ඉන් අනතුරුවයි ඔවුන් බංග්ලාදේශ සහ පාකිස්තාන තරග සංචාරවල නිරත වන්නේ.

පාකිස්තාන තරග සංචාරයක එංගලන්තය නිරත වන්නේ වසර 16කට පමණ පසුව වන අතර, එම සංචාරයේ අවසන් 20යි 20 තරගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙනු ඇති.

අනතුරුව ඔක්තෝබර් 16 වනදා එංගලන්ත කණ්ඩායම ඉන්දියාවට පැමිණෙන්නේ 20යි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අපේක්ෂවෙන්.

ලෝක කුසලානයෙන් පසුව එංගලන්ත කණ්ඩායම අලුබදුන තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටව්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

මේ අතර, නවසීලන්ත කණ්ඩායම ද සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයට එරෙහි තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

ඒ අනුව කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝලට්, ඇඩම් මිල්න්, මිචෙල් සැන්ට්නර්, ලුකී ෆර්ගියුසන්, ටිම් සෙයිෆර්ට්, ෆින් ඇලන්, ක්යිල් ජමිසන් යන නවසීලන්ත ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ද අදාළ කාලයේ දී පාකිස්තානයට එරෙහි තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින්ට ද ඉතිරි අයි.පී.එල් තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත්, බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ගැටලුවකින් තොරව අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...