ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ප්‍රකාශයට පත් කෙරේ

Date:

අප්‍රේල් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා (ICC Player of the Month) ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පාකිස්තාන නායක බබාර් අසාම් නම් කර තිබෙනවා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් ඇතුළත් ස්වාධීන මනාප ඇකඩමියක් විසින් ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්කට ගනිමින් මෙම සම්මානය මාසිකව පිරිනමනු ලබනවා.

අප්‍රේල් මාසය සදහා වන නිර්දේශිත නාම අතරට බබාර් අසාම්ට අමතරව පාකිස්තානයේ ෆකාර් සමාන් හා නේපාලයේ කුෂාල් භුර්ටෙල් (Kushal Bhurtel) ඇතුළත්ව තිබුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉනිම් දෙකකදී ලකුණු 103ක් සහ 94ක් රැස් කිරීමට බබාර් සමත් වූ අතර, තරගාවලිය පුරා ඔහු වාර්තා කළ ලකුණූ සංඛ්‍යාව 228ක්.

එම දක්ෂතා හේතුවෙන් විරාට් කෝලි අභිබවා එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ද බබාර් අසාම් සමත් වුණා.

එමෙන්ම බබාර් අසාම් අප්‍රේල් මාසයේ දී 20යි 20 තරග 7ක් ක්‍රීඩා කළ අතර, එහිදී ශතකයක් ද සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 305ක්.

මේ අතර, අප්‍රේල් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇලීසා හීලි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...