ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සිට බුබුලකට – එංගලන්ත සංචාරයට ප්‍රවීන් ඇතුළු 28ක්

Date:

බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් අද(10) දිනයේ දී ජෛව ආරක්ෂිත බුබුලක් තුළට ඇතුළු වන බව වාර්තා වනවා.

ඒ, ඔවුන් ලබන 16 වනදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින්.

එරටට ළගා වීමෙන් පසුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දින 3ක කාලයක් නිරෝධායනයට ලක්වීමට නියමිතව ඇති අතර, අනතුරුව පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

එම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වෙනවා.

මේ අතර, එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ද ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

ඊට ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, මහේෂ් තීක්ෂණ, ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් ද ඇතුළත් බවයි The Morning Sports වාර්තා කළේ.

කෙසේ වෙතත්, ඉන් ධනංජය ලක්ෂාන්ට සහ ඉෂාන් ජයරත්නට කොවිඩ් 19 ආසාදනය වී ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වන විට දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

ඊට අමතරව බංග්ලාදේශ තරගාවලියට තෝරා ගෙන නොමැති බවට වාර්තා වන අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සහ කසුන් රාජිත ද මෙම මූලික සංචිතයට නම් කර තිබෙනවා. ALSO READ : අවිශ්කට බංග්ලාදේශ එක්දින තරගාවලිය අහිමි වෙයි

එළඹෙන ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පවතින කොරෝනා වංසගත තත්ත්වය හේතුවෙන් එංගලන්ත තරග සංචාරයේ දී ද එරට ප්‍රාන්ත කණ්ඩායම් සමග කිසිදු පුහුණු තරගයකට ශ්‍රී ලංකාව එක් නොවන අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග සංවිධාන කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...