පාකිස්තානයට ඉනිමක හා ලකුණු 147ක ජයක් – Match Report

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, හරාරේ හි පැවැති දෙවැනි තරගයෙන් සිම්බාබ්වේ පරදා ඉනිමක හා ලකුණු 147ක ජයක් වාර්තා කිරීමට සංචාරක කණ්ඩායම සමත් වීමත් සමගයි.

තරගයේ සිව්වන දිනය වූ අද(10) දිනය ආරම්භ කරන විට ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක නිරත වෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 220ක්.

කෙසේ වෙතත්, ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 231කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

නවුමන් අලී සහ ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 5 බැගින් දවා ගනිමින් තරගයේ ජය පහසුවෙන් පාකිස්තානයට හිමි කර දුන්නා.

Regis Chakabva ලකුණු 80ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 31කින් ලකුණු 49ක් රැස් කළා.

හසන් අලී ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ අසරණ වූ සිම්බාබ්වේ පළමු ඉනිම සීමා වුණේ ලකුණු 132කටයි.

Regis Chakabva ලකුණු 33ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 23ක් එහිදී රැස් කළ අතර, පන්දු යැවීමේ දී හසන් අලී දවා ගත් කඩුලු සංඛ්‍යාව 5ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිම අත්හිටුවිමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 510ක් ලබා සිටියදීයි.

නොදැවී ලකුණු 215ක් රැස් කළ අබිඩ් අලී තරගයේ වීරයා ලෙස ද තරගාවලියේ දී කඩුලු 14ක් දවා ගත් හසන් අලී තරගාවලියේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...