පියුෂ් චවුලාගේ පියාත් කොරොනා ආසාදනය වී මියයයි

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක පියුෂ් චවුලාගේ පියා වන ප්‍රමෝද් කුමාර් චවුලා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියයන විට ඔහු 60 වන වියේ පමණ පසු වූ බව සදහන්.

32 හැවිරිදි පියුෂ් චවුලා මේ වන විට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින තරග 25කට සහ 20යි 20 තරග 7කට ක්‍රීඩා කර ඇති අතර, දේශීය තරග පිටියේ දී ගුජරාට් වෙනුවෙන් පළමු පෙළ තරග 136 කදී බිද හෙලා ඇති කඩුලු ගණන 445ක්.

මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක චෙතන් සාකරියාගේ පියා වන කන්ජිබායි සාකරියා මෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකා Veda Krishnamurthy ගේ සහෝදරිය සහ මව ද කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...