සිම්බාබ්වේ ඉනිමක පරාජයකට කඩුල්ලක් පිටුපසින් – Day 3 Report

Date:

හසන් අලී, ශහීන් ශාහ් අෆ්රිඩි සහ නවුමාන් අලීගේ සුවිශේෂී පන්දු යැවීමෙන් සවිමත් වෙමින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ඉනිමක ජයක් වාර්තා කිරීමේ අවස්ථාව පාකිස්තානයට හිමිව තිබෙනවා.

හරාරේහි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ අද(9) දිනය අවසන් වුණේ අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණු 220ක් ලෙස සටහන් කරමින්.

Regis Chakabva ලකුණු 80ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 31කින් ලකුණු 49ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ දෙවැනි ඉනිම අඩපන කළ නවුමන් අලී කඩුලු 5ක් සහ ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 4ක් දවා ගත්තා.

හසන් අලීගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ අසරණ වූ සිම්බාබ්වේ පළමු ඉනිම අද සීමා වුණේ ලකුණු 132කටයි.

Regis Chakabva ලකුණු 33ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 23ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී හසන් අලී දවා ගත් කඩුලු සංඛ්‍යාව 5ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිම අත්හිටුවිමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 510ක් ලබා සිටියදීයි.

ඒ අනුව තරගය ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණු 158ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...