එක්දින කණ්ඩායමෙන් ඉවත් කෙරුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හා තේරීම් කමිටුව අතර හමුවක්

Date:

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

බංග්ලාදේශ එක්දින තරගාවලිය සදහා නම් නොකළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඊට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙම තරගාවලිය සදහා නම් කර නොමැති බව මීට පෙර තොරතුරු වාර්තා වුණා.

තේරීම් කමිටුව සමග පැවැති අදාළ හමුව සදහා එක් වූ ක්‍රීඩකයින් සිව් දෙනා අතරට දිමුත් කරුණාරත්න ඇතුළත්ව නොසිටි නමුත්, ඔහු සමග ද තේරීම් කමිටුව සාකච්ඡා පවත්වමින් සිටින බව සදහන්.

දිමුත් වෙනුවට එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතව ඇත්තේ කුසල් ජනිත් පෙරේරා බවයි වාර්තා වන්නේ. ALSO READ : නව නායකයෙකු සමග බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා සංචිතයට නවකයින් දෙදෙනෙක්

අදාළ සාකච්ඡාවේ දී තේරීම් කමිටු නිළධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට අවධාරණය කර ඇත්තේ ඔවුන්ව සීමිත පන්දුවාර තරගවලින් සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බවයි.

අවශ්‍යතාවය මත ඔවුන් යළි කණ්ඩායමට කැදවීමට පියවර ගන්නා බවට ද මෙහිදී සදහන් කර තිබෙනවා.

ALSO READ : ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...