මුරලි සහ මූඩි ආරක්ෂිතව දිවයිනට

Date:

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ආරක්ෂිතව මෙරටට ළගා වී තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, මේ වන විට ඔහු නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි මුරලිදරන්ගේ බිරිද විදෙස් මාධ්‍යයකට සදහන් කළේ.

මුත්තයියා මුරලිදරන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පසුගියදා තීරණය කිරීමත් සමග ඔහු දිල්ලියේ සිට චෙන්නායි නුවර හරහා මෙරටට පැමිණි බව සදහන්.

මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී මුත්තයියා මුරලිදරන් හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් චෙන්නායිහි රෝහලකට ඇතුළත් වී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගැනීමට කටයුතු කළා.

මේ අතර, මුරලිදරන් පැමිණි ගුවන් යානයෙන්ම සන්රයිසස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි ද මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ද ටොම් මූඩි.

ඉන්දියාවේ සිට මෙරටට ගුවන් ගමන් සිදු කිරීම අත්හිටුවීමට පියවර ගැනීමට පෙර ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනට ඊට පෙර මෙරටට පැමිණීමට නොහැකි වූ අතර, ඔහු මාලදිවයිනේ දී නිරෝධායනයට ලක් වී අනතුරුව ශ්‍රී ලංකාව බලා පැමිණෙන බවයි මුම්බායි කණ්ඩායම පසුගියදා නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...