වෙස්වළාගත් බුකීකරුවන් IPL පිටියේ දී පොලිස් දැලේ

Date:

පසුගියදා අතරමගදී අත්හිටුවීමට පියවර ගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී දූෂණ ක්‍රියාවල නිරත වන බවට සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිල්ලිහි පැවැති රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිදරාබාද් අතර තරගයේ දී යි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ව්‍යාජ අයි.පී.එල් අවසර පත්‍ර සමග ඔවුන් ක්‍රීඩාංගනයට ඇතුළු වී තිබූ බව සදහන්.

තවත් තරගයක් පැවැති අවස්ථාවක පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත සේවකයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරුවෙකු ක්‍රීඩාංගනය වෙත පැමිණ තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකයේ නිළධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යාමේ දී සැකකරු තමා සතුව තිබූ ජංගම දුරකතන දෙකක් ද දමා පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.

ක්‍රීඩාංගනයේ සිට ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවල නිරත වීම සදහා ඔවුන් මෙලෙස දිල්ලි ක්‍රීඩාංගනයට පැමිණ ඇති බවටයි සැකපල කෙරෙන්නේ.

රූපවාහිනිය ඔස්සේ තරග සජීවීව විකාශය කරන විට සුළු ප්‍රමාදයක් සිදු වන අතර, එය මගහරවා ගනිමින් තරග තොරතුරු ඔට්ටු ඇල්ලීමේ ක්‍රියා සදහා පහසුවෙන් යොදා ගැනීමේ අරමුණින්(අමතර වාසියක් ලබා ගැනීමේ අරමුණින්) දූෂණ ක්‍රියාවල නිරතවන්නන් මෙලෙස ක්‍රීඩාංගන තුළට පැමිණීම සිදු කරනවා.

පොලීසිය සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකයේ නිළධාරීන් එක්ව මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන සිදු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...