ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහළට, නවසීලන්තය ලෝකෙන්ම එක වෙයි

Date:

අයි.සී.සී නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වී තිබෙනවා.

සෑම වසරකම මැයි මාසය ආරම්භයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කරන අතර, එහිදී අවසන් වසර තුනක කාලය තුළ ලබා ඇති ජයග්‍රහන මත පදනම්වයි නව ශ්‍රේණිගත කිරීම් සකස් කරනු ලබන්නේ.

මෙවර යාවත්කාලීන කිරීමේ දී මෙතෙක් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ එංගලන්තය 4 වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටීම විශේෂත්වයක්.

නවසීලන්තය පෙරමුණට පැමිණ ඇත්තේ තෙවැනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉහළට පැමිණීමට සමත්වීමත් සමගයි.

ඔස්ට්‍රේලියාව ද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියාව ද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, ඔවුන්ට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.

මෙතෙක් 8 වන ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 9 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

20යි 20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තය තවදුරටත් පෙරමුණේ පසුවන අතර, නවසීලන්තය තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද රටවල් 80ක් ශ්‍රේණිගත කිරීම්වල රැදී සිටීමට අවශ්‍ය අවම 20යි 20 තරග සංඛ්‍යාව වන තරග 6 ක්‍රීඩා කර ඇති අතර, නවතම යාවත්කාලීන කිරීමට අනුව ගැම්බියාව, ඝානා, හන්ගේරියාව, සියරා ලියෝන් සහ ස්විඩනයට ශ්‍රේණිගත කිරීම්වලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...