රාහුල් හදිසියේ රෝහල් ගත කෙරේ

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඇපෙන්ඩිසයිටිස් රෝගයට ඔහු ගොදුරු වීම හේතුවෙන්.

ඊයේ රාත්‍රී කාලයේ දී රාහුල් දැඩි උදර වේදනාවකින් පෙළුණු බවයි පංජාබ් කණ්ඩායම නිවේදනය කළේ.

එහිදී ඔහුට ලබා දුන් ඖෂද සදහා සුවයක් නොලැබීම හේතුවෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරුණු බව සදහන්.

අනතුරුව ඔහු ඇපෙන්ඩිසයිටිස් රෝගයෙන් පෙළෙන බවට හදුනා ගෙන ඇති අතර, ඒ අනුව කේ.එල් රාහුල්ට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ද කේ.එල් රාහුල්.

කෙසේ වෙතත්, ඔහුට මෙවර තරගාවලියේ ඉදිරි තරග සදහා යළි එක්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

රාහුල් වෙනුවට පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ මයාන්ක් අගාර්වල්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...