බංග්ලාදේශයට ලකුණු 437ක ජයග්‍රාහී ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව සමග පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 437ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, තරගයේ සිව්වැනි දිනය වන අද(2) දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කිරීමත් සමගයි.

අද දිනයේ දිවා ආහාරයෙන් පසුව යවනු ලැබූ පළමු පන්දුවාරයෙන්ම නිරෝෂන් දික්වැල්ල ලකුණු 24කට දවා ගැනීමට ටස්කින් අහ්මඩ් සමත් වුණා.

අනතුරුව රමේෂ් මෙන්ඩිස් ලකුණු 8කට දැවී ගිය අතර, සුරංග ලක්මාල් ලකුණු 12ක් ලබා ගත්තා.

දිනයේ පළමු කඩුල්ල ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් දැවී ගියේ ලකුණු 12ක් ලබා සිටියදීයි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 66(78)ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින්.

ධනංජය ද සිල්වා ලකුණු 41කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 24යි.

පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 5ක් සහ මෙහිදි හසාන් මිරාස් කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළේ ලකුණු 251ක් පමණයිි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...