පාකිස්තානයට ඉනිමක හා ලකුණු 116ක ජයක් – Match Report

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 116ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

හරාරේහි පැවැති තරගය තෙවැනි දිනය සදහා ඊයේ(1) ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 374ක් ලබා සිටියා.

ඔවුන්ගේ පළමු ඉනිම සියලු දෙනා දැවී සටහන් වූයේ ලකුණු 426ක් ලෙසයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෆවඩ් අලාම් ලකුණු 140ක් ලබා ගත්තේ හතරේ පහර 20ක් සමගින්.

ඉම්රාන් බට් ලකුණු 91කට දැවී ගිය අතර, අබිඩ් අලී ලකුණු 60යි.

පන්දු යැවීමේ දී Blessing Muzarabani කඩුලු 4ක් දවා ගත් අතර, ඩොනල්ඩ් ටිරිපානෝ කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

Tarisai Musakanda ලකුණු 43ක් සහ නායක බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 29ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 36කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

ඔහු පළමු ඉනිමේ දී ද කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරගයේ වීරයා ලෙස ද හසන් අලී සම්මානයෙන් පිදුම් ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 176ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...