‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් දෙක නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම අතර පැවැත්වෙන තරගය සඳහා වන සංචිත දෙක අද පස්වරුවේ නිවේදනය කෙරුණා.

මැයි මස 04 වැනිදා මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් උපයා ගනු ලබන සියළු මුදල් කොවිඩ් 19 වසංගතයට එරෙහි සටන වෙනුවෙන් බැර කෙරෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 තරගයක් ලෙස මෙම තරගය මැයි 04 වැනිදා රාත්‍රී 7.00 ට ආරම්භ වන අතර, එය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබෙනවා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI පිල හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය විසින්ද ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමාන 20යි 20 නායක දසුන් ශානක විසින්ද මෙහෙය වන බව ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් තහවුරු කළා.

ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සංචිතය –

සනත් ජයසූරිය (නායක), අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න (පුහුණුකරු සහ ක්‍රීඩක), ෆර්වීස් මහරූෆ්, උපුල් චන්දන, උපුල් තරංග, නුවන් කුලසේකර, තිළිණ තුෂාර, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, මලින්ද වර්ණපුර, ඉන්දික ද සේරම්, ජෙහාන් මුබාරක්, සමන් ජයන්ත

ටීම් ශ්‍රී ලංකා සංචිතය –
දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, රමේෂ් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, තිසර පෙරේරා, පැතුම් නිස්සංක, චාමික කරුණාරත්න, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා, අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...