ටිම් පේන්, බට්ලර් පරදා දික්වැල්ල ලෝකෙන්ම අංක එකට

Date:

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ අංක 07 පිතිකරණ ස්ථානයේ පන්දුවට පහර දෙන පිතිකරුවන් අතරින් අවසන් වසර තුන තුළ ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමත්ව තිබෙනවා.

ඒ, මීට පෙර අවසන් වසර 3 තුළ අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙමින් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා වූ ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් දෙවන ස්ථානයට පත් කරමින්.

බංග්ලාදේශයට එරෙහිව මේ දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද(30) දිනය නිමා වන විට ද ඔහු පන්දු 64 කදී නොදැවී ලකුණු 64 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියා.

මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ අර්ධ ශතක 18 ක් සමගින් ඉනිම 79 කදී ලකුණු 2,406 ක් රැස්කර ගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත්ව තිබෙනවා.

අවසන් වසර 03 තුළ අංක 07 පිතිකරණ ස්ථානයේ පන්දුවට පහර දෙන පිතිකරුවන් අතරින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන ඇති පිතිකරුවන් පස් දෙනා මෙසේයි –

05. කුවෙන්ටන් ඩී කොක් (දකුණු අප්‍රිකාව)

ඉනිම 10 යි, රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 530 යි, ඉනිමක පිතිකරණ සාමාන්‍ය 53.00 යි.

04. රිෂාබ් පාන්ට් (ඉන්දියාව)

ඉනිම 17 යි, රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 625 යි, පිතිකරණ සාමාන්‍ය 39.06 යි.

03. ජොෂ් බට්ලර් (එංගලන්තය)

ඉනිම 24 යි, රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 672 යි, පිතිකරණ සාමාන්‍ය 29.21 යි.

02. ටිම් පේන් (ඔස්ට්‍රේලියාව)

ඉනිම 32 යි, රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 837 යි, පිතිකරණ සාමාන්‍ය 31.00 යි.

01. නිරෝෂන් දික්වැල්ල (ශ්‍රී ලංකාව)

ඉනිම 29 යි, රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 898* යි, පිතිකරණ සාමාන්‍ය 34.53 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...