කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් – ප්‍රවීන්ට ටෙස්ට් වරම්

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවින් මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වනු ඇති.

මේ අතර, අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වන ක්‍රීඩකයායි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ද කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා කණ්ඩායමට කැදවා ඇත්තේ ළහිරු කුමාර (ආබාධයක්) සහ වනිදු හසරංග වෙනුවටයි.

මේ අතර, බංග්ලාදේශය වෙනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් ද මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI: Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Oshada Fernando, Angelo Mathews, Dhananjaya de Silva, Pathum Nissanka, Niroshan Dickwella, Ramesh Mendis, Suranga Lakmal,  Vishwa Fernando, Praveen Jayawickrama.

Bangladesh XI: Tamim Iqbal, Saif Hassan, Najmul Hossain Shanto, Mominul Haque (c), Mushfiqur Rahim, Liton Das (wk), Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Shoriful Islam, Abu Jayed.

සජීවී ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...