ෆෆ් හා ගයික්වඩ්ගේ සුපිරි ආරම්භය හමුවේ චෙන්නායි යළි පෙරමුණට – Match Report

Date:

ෆෆ් ඩු ප්ලෙසිස් සහ රුටුරාජ් ගයික්වඩ් ලබා දුන් විශිෂ්ඨ ආරම්භයෙන් සවිමත් වෙමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(28) සමත් වුණා.

එම ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ හිමි කර ගැනීමට ද චෙන්නායි කණ්ඩායම සමත් වුණේ ක්‍රීඩා කළ තරග 6න් තරග 5ක් ජය ගනිමින්.

දිල්ලිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

නායක ඩේවිඩ් වෝනර් ලකුණු 57ක් සහ මනීෂ් පාන්ඩේ ලකුණු 61ක් රැස් කළා.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 26(10) යි.

පන්දු යැවීමේ ලුන්ගි එන්ගිඩ් කඩුලු 2ක් සහ සෑම් කරන් එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම තමන්ට හිමි වූ ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ඉනිම ආරම්භ කළ රුටුරාජ් ගයික්වඩ් සහ ෆෆ් ඩු ප්ලෙසිස් පළමු කඩුල්ල සදහා ලකුණු 129ක සබදතාවයක් ගොඩ නැගූ අතර, රුටුරාජ් ලකුණු 75කට දැවී ගියා.

පන්දු 44කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 56ක් ලබා ගත්තේ පන්දු 38කින් හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින්.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 36කට කඩුලු 3ක් බිද හෙලුවා.

මෙම පරාජයත් සමග සන්රයිසස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේම තවදුරටත් රැදී සිටීමට සිදු වූයේ ක්‍රීඩා කළ තරග 6න් තරග 5ක්ම පරාජය වීම හේතුවෙන්.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින් –

IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...