පල්ලේකැලේ තණතීරුව නියමිත ප්‍රමිතියට නැහැ – දඩුවම් ලකුණකුත් අයි.සී.සීය පනවයි

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ (below average) බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා මේ බව තීරණය කර ඇති අතර, ඒ අනුව ක්‍රීඩාංගනයට එරෙහිව දඩුවම් ලකුණක් ද (demerit point) පනවා තිබෙනවා.

“තණතීරුවේ ස්වභාවය දින පහ තුළ වෙනස් වූණේ නැහැ. තරගයේ දී පිතිකරණය සහ පන්දු යැවීම අතර සමබරතාවයේ වෙනසක් සිදු වුණේ නැහැ.” යනුවෙන් රංජන් මඩුගල්ල මහතා සදහන් කළා.

“තණතීරුව අඛණ්ඩව පිතිකරණයට යෝග්‍යව පැවතුණා. එහි ප්‍රතිපලයක් ලෙස තරගය තුළ කඩුලු 17 කට ලකුණු 1289ක් රැස් කර ඇති අතර, එක් කඩුල්ලකට ලකුණු සාමාන්‍ය 75.82 ක් ලෙස සටහන් වුණා. එය ඉතා ඉහළ මට්ටමක්. එබැවින්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව මම මෙම තණතීරුව සාමාන්‍ය තත්ත්වයට වඩා අඩු අගයක් ගන්නා බවට නියම කරනවා”

ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් රංජන් මඩුගල්ල මහතාගේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත ප්‍රමිතියෙන් පහළ මට්ටමක් ඇති බවට නියම කෙරෙන අවස්ථාවලදී එක් දඩුවම් ලකුණක් පනවනු ලබනවා.

තණතීරුවක් “දුර්වල” යැයි තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කළහොත් දඩුවම් ලකුණු 3ක් ද, “නුසුදුසු” යැයි තීරණය කළහොත් දඩුවම් ලකුණු 5ක් ද පනවනු ලබනවා.

වසර 5ක කාලයක් සදහා මෙම දඩුවම් ලකුණු වලංගු වනවා.

දඩුවම් ලකුණු ප්‍රමාණය 5 දක්වා හෝ ඊට වඩා වැඩි වන විට අදාළ ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මාස 12කට අත්හිටුවනු ලබනවා.

දඩුවම් ලකුණු ප්‍රමාණය 10 ඉක්මවන විට ජාත්‍යන්තර තරග සංවිධාන කිරීම මාස 24කට අත්හිටුවනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...