තියුණු සටනකින් පසු කෝලිගේ බැංගලෝරයට ලකුණක තියුණු ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළි තමන් සතු කර ගැනීමට විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින් තරගය ජය ගැනීම සදහා දිල්ලි කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් ලබා දුන්නා.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඒ.බී. ඩි විලියස් පන්දු 42කදී නොදැවී ලකුණු 75ක් ලබා ගත්තේ හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින්.

රාජත් පටිදර් ලකුණු 31ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂාන්ට් ෂර්මා, කාගිසෝ රබාඩා, අවේෂ් ඛාන්, අමිත් මිශ්රා හා අක්සාර් පටෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 4ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

නායක රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 58ක් සහ ෂිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා.

පන්දු 25කින් වාර්තා වූ හෙට්මයර්ගේ ඉනිම හයේ පහර 4කින් සහ හතරේ පහර 2කින් වර්ණවත් වුණා.

මෙම ඉනිමේ දී ද දක්ෂ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ හර්ෂාල් පටෙල් කඩුලු 2ක් දවා ගත් අතර, මොහොමඩ් සිරාජ් සහ ක්යිල් ජමිසන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...