තවත් ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු IPL හැර යයි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ඇඩම් සම්පා සහ කේන් රිචර්ඩ්සන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතු පදනම් කර ගනිමින්.

ඒ අනුව තරගාවලියේ ඉදිරි තරග සදහා ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ නැහැ.

රිචර්ඩ්සන් මෙවර තරගාවලියේ දී එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, සම්පා කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කළේ නැහැ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි ද යළි සියරට බලා පිටව ගිය බවයි ඊයේ දිනයේ දී නිවේදනය කෙරුණේ.

කොවිඩ් 19 අර්බුදය හමුවේ ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ද මෙවර තරග වාරයෙන් තාවකාලිකව ඉවත් වන බව අද අලුයම සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...