හසන් අලී සහ රිස්වාන්ගේ සුපිරි දක්ෂතා හමුවේ තරගාවලියේ ජය පාකිස්තානයට

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර හරාරේහි පැවැති අවසන් 20යි 20 තරගයෙන් පාකිස්තානය ලකුණු 24ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තේ මොහොමඩ් රිස්වාන් නොදැවී රැස් කළ ලකුණු 91න් සවිමත් වෙමින්.

පන්දු 60කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 5කින් වර්ණවත් වුණා.

නායක බබාර් අසාම් ලකුණු 52යි.

පන්දු යැවීමේ දී Luke Jongwe ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

Wesley Madhevere ලකුණු 59ක් සහ Tadiwanashe Marumani ලකුණු 35ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත් අතර, හැරිස් රවුෆ් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...